එළැඹන 6දා (සඳුදා) රජයේ හා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්රකාශ කිරීමට රජය තීරණය කර තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
මුස්ලිම් ජනතාවගේ හජ් උත්සවය එදිනට යෙදී තිබෙන හෙයින් රජය මෙම තීරණය ගෙන තිබේ. හජ් උත්සවය මීට ඉහතදී එළැඹෙන 05දාට යෙදී තිබුණත් මුස්ලිම් කටයුතු දෙපාර්තමෙන්තුව හා කොළඹ මහ පල්ලිය විසින් එය එළඹෙන 6දා පැවත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්තෝබර 6දා රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්රකාශයට පත්කර තිබේ.