HIV ඒඩ්ස් ලොවපුරා පැතිරීමෙන් පසුව ලෝකය මුහුණ දෙන දැවැන්තම අභියෝගය ඉබෝලා වෛරසය සමග පැනනැගී ඇති බව ඇමෙරිකානු සෞඛ්‍ය අංශයන්ගේ ප්රමුඛ බලධරයෙකු වන වෛද්‍ය තෝමස් ෆ්රයිඩ්න් පවසයි.
එය මීළඟ ඒඩ්ස් වීමට පෙර ගෝලීයව දැවැන්ත ප්‍රතිචාරයක් ඇතිවිය යුතු බවත්, ඇමෙරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා පෙන්වා දෙයි.
ඉබෝලා අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකු සමුළුවක් අමතමින් වෛද්‍ය තෝමස් ෆ්රයිඩ්න් මෙම අදහස් පළ කර තිබේ.
ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 3,860 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර සෞඛ්‍ය සේවකයන් 200ක්ද වෙති.
අද (09දා) දිනයේදී ලබියිරීයානු වෛද්‍යවරයෙකුද වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.