එච්.අයි.වී. ඒඩ්ස් මර්දනය කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට අනුව මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනය වීම වළක්වා ගත් ලෝකයේ තුන්වැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
එච්.අයි.වී. ඒඩ්ස් වැලඳුණු මවුවරුන් 11 දෙනෙකු දරුවන් බිහිකර තිබෙන බවත්, එම දරුවන් සියලුම දෙනා නිරෝගීව සිටින බවත් එම ව්‍යාපාරයේ අධ්යක්ෂ සිසර ලියනගේ මහතා සඳහන් කළේය.
පසුගිය වසරේදී එච්.අයි.වී ආසාධනය වූ ගැබිනි මවුවරුන් 16 දෙනෙකු දරුවන් බිහිකළ බවත්, ඉන් සිවුදෙනෙකුට යම් ප්‍රශ්නයක් තිබුණද, ප්‍රතිකාර ලබාදී ඔවුන් නිරෝගී දරුවන් බවට පත්කළ බවත් හෙතෙම පවසා සිටියේය.
මේ අනුව මේ වනවිට මවගෙන් දරුවන්ට එච්.අයි.වී. ආසාදනය වීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය ලබාදුන් ඉලක්ක සම්පූර්ණ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර කියුබාව හා තායිලන්තය එම ඉලක්ක සපුරා තිබෙන බවත්, මේ අනුව ඉලක්ක සැපිරූ තෙවැනි රට ශ්‍රී ලංකාව බවද සිසර ලියනගේ මහතා පවසා සිටියේය.