ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට යන නව දේශපාලන සන්ධානය මේ වසරේදී රට හමුවේ ඉදිරිපත් නොකිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.දැනටමත් එම දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලින් වැඩි කොටසක් අවසන් කර තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි අවධානයෙන් සිටිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඒ අනුව සිරිසේන මහතා විසින් ඉදිරි කාලයේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ආරාධනයක් සිදුකරනු ඇත්දැයි බලාසිටිය යුතු බවත්, එසේ නොමැතිව සිරිසේන මහතා රංගනයක් පමණක් සිදුකරගෙන යන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාද ඒ අනුව ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔවුන් අතර සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් රට හමුවේ තැබීමටද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
නව සන්ධානයක් ලෙස ජනතාව හමුවට යන දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නොදරනු ඇති බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එහි නායකත්වයට පත්කළ යුතු බවත් දැනට සිදුකර ඇති සාකච්ඡාවලදී අවධානය යොමුව ඇතැයි සඳහන් වේ.බැසිල් රාජපක්ෂ මහතා එහි සංවිධායක කටයුතු සිදුකරන අතර, මේ වනවිට දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකයන්, ප්‍රාදේශීය සංවිධාකයන් හා ඡන්ද පොළ නියෝජිතයන් පත් කර තිබේ.
එම වැඩපිළිවෙළ සඳහා සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු, රාජ්‍ය ඇමතිවරයෙකු කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම කණ්ඩායම සමග මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වේ.
මේ අතර උතුරු, නැගෙනහිර ප්‍ර‘දේශවල දෙමළ ජනයා දිනාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විශේෂ වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබේ.දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරු, නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව තුළ ඇතිවී තිබෙන විරෝධය ඒකාබද්ධ විපක්ෂය වෙතට හරවා ගැනීම සඳහා නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනෙසතුරේයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ගේ සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ කණ්ඩායම් විසින් උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව දැනුවත් කරමින් සංවිධාන කටයුතු සිදුකරගෙන යන බව වාර්තා වේ.