මහපොළ භාරකාර අරමුදලේ මුදල් අවභාවිත කර තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂය නඟන චෝදනාව පදනම් විරහිත බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.
රුපියල් බිලියනයක වංචාවක් සිදුවී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ පිළිබඳ කඩිනමින් පරීක්ෂණ සිදුකරන ලෙසට අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසා සිටියේය.
මහපොළ අරමුදලේ ශත පහක් හෝ අවභාවිත කර නැතැයිද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.