එළඹෙන පළාත් පාලන මැතිවණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් සංවිධානයක් නිර්මාණය කරමින් මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන්ද එම සංවිධානය හා එක්ව තරග කිරීමට නියමිතය.
මේ බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ‘අද’ පුවත්පතට තහවුරු කළේය.
මෙම පුළුල් සංවිධානය නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඔවුන් ඒ සඳහා පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.
“ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට පොදුජන පෙරමුණත් සමග පුළුල් සන්ධානයක් සැකසීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම එම සන්ධානයත් සමග මැතිවරණයට යනවා.
වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපය මත අපට ශ්රී ලංකා නිදහස් පක්ෂයත් සමග මැතිවරණයට යන්න බෑ. ඒ මේ ආණ්ඩුව කරන පාපකාරී වැඩපිළිවෙළට අපට අත ගහන්න බැරි නිසයි.
මේ පාපකාරීවැඩ සඳහා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයට නිදහස් පක්ෂයටත් ඇගිල්ල දිගුකර බේරෙන්න බෑ.
මේකට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත්, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාත් වගකිව යුතුයි” යැයි නාමල් රාජපක්ෂ මහතා පැවසීය.