ජනාධිපතිවරණය ආසන්නයේදී වෛද්‍යවරුන්ට රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ලෙස අමතර රුපියල් 15000 ක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ගෙන ඇති තීරණයට එරෙහිව පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙයි.
තමන්ටද ඒ හා සමාන දීමනාවක් ලබාදෙන ලෙසත්, එසේ නොවන්නේ නම් මේ මස 30 වැනි දින සමස්ත රෝහල් පද්ධතියම අකර්මණ්‍ය කරමින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක උපුල් රෝහණ මහතා පැවසීය.
ඒ සඳහා හෙද නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් යන වෘත්තීන්වල සහාය ලැබෙන බවද ඔහු කීය.