පොලොන්නරුව දිස්ත්රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ ක්රියාකාරී මන්ත්රී රොෂාන් රණසිංහ මහතා තාවකාලිකව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වී තිබේ. ඒකාබද්ධ විපක්ධයේ ඇතැම් නායකයන් විසින් තමන්ගේ විමසීමකින් තොරව බිම්මට්ටමද හඳුනා නොගෙන ගන්නා තීරණ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ නොයෙක් නොයෙක් නායකයන් තමන්ගේ විමසීමකින් තොරව පොලොන්නරුව දිස්ත්රික්කයෙන් දේශපාලන කටයුතු සඳහා අතපොවන බවත් ඔහු සිය නිවේදනයෙන් සඳහන් කරයි.
පොලොන්නරුව දිස්ත්රික්කයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති සියලු දේශපාලන රැස්වීම් සඳහා තමන් එක් නොවන බවත් එම සියලු රැස්වීම් දින නියමයකින් තොරව කල්දමන බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් වරදාන වරප්රසාද හමුවේ සිය ප්රතිපත්ති අත්නොහරින බවත් ඔහු ප්රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයෙන් මෑත කාලීනව ඉවත්වූ දෙවැනි මන්ත්රීවරයා රොෂාන් රණසිංහ මහතා වන අරත මීට පෙර මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කාංචන විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්විය.