මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න යැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (31දා) අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විරකුමාර දිසානායක, විදුර වික්රමනායක්, ඩී.වී. චානක යන මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලොසියස්, පර්පෙචුවල් ට්‍රෙසරීස් යන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු සිය පැමිණිල්ලෙන් පැවැසීය.