ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් වත්මන් යහපාලන රජයටත් මඩ ගසමින් සිටින ඒකාබද්ධ විපක්ෂයට සිදුවන විනාශය තේරුම්ගෙන එම කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් රජයට එක්වීම සඳහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තනතුරු ලබාගෙන රටේ සංවර්ධන ක්‍රියාදාමයට සම්බන්ධවීමට ඔවුන් එකඟතාවය පළ කර ඇති බව කී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය 2/3 බලය ලබාගැනීමට මෙම පිරිස ආණ්ඩුවට එක්වන බවට ඒකාබද්ධ විපක්ෂය ගෙන යන්නේ අසත්‍ය ප්‍රචාරයක් බවයි.