ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ සංවිධානය කළ මාධ්‍ය හමුවකදී හෙට(15දා)පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට එයට එක්ව සිටි සාමාජිකයෝ කටයුතු කළහ.
එහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසා සිටියේ සාමාන්‍ය පෙළවිභාගය පැවැත්වෙන බැවින් වැඩවර්ජනයක් පැවැත්වීමට සාධාරණද,අසාධාරණද යන්නයි.එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ,රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස,ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් සෝමවීර චන්ද්‍රසිරි,පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන මහත්වරු එක්ව සිටියහ.
පහතින් දැක්වෙන්නෙ එහිදී මාධවේදීන් විමසූ ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු ලබාදුන් ආකරයයි.
ප්‍ර - සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙද්දී වැඩවර්ජනයක් පැවැත්වීම සාධාරණද?
ගාමිණීලොකුගේමහතා-ඒක වැඩවර්ජන සංවිධානය කරන අය තින්දු කරන්න ඕන. ආණ්ඩුවට පක්ෂ වෘත්තීය සමිති තමයි මේ අරගලය පටන් ගත්තේ.දවල් මිගෙල් රෑ දනියෙල් සටනක් විදියටයි අපි මේක හඳුන්න්නේ.අපේ ස්ථාවරය නම් සම්පූර්ණ අයවැය ලේඛනය ප්‍රතික්ෂේප කරනවා.
ප්‍ර-හෙට වැඩවර්ජනයක් පැවැත්වුවහොත් ඔබලා සහභාගි වෙනවාද?
ගාමිණි ලොකුගේමහතා-අපේ සම්බන්ධයක් නෑ.අපි ආශිර්වාද කරනවා.
ප්‍ර-සාමාන්‍ය පෙළ විභාගයට පාසල් සිසුන් මුහුණදෙන අවස්ථාවක වැඩවර්ජනයක් කරන එක සාධාරණද කියන එකයි අපි ඇහුවේ.ඔබලාගේ මතය මොකක්ද කියලා කෙළින්ම කියන්න?
ඩබ්ලිව්.එච්.පියදාස මහතා -ඒ ළමයි ඉස්කොලේ යනවා වගේ නෙවෙයි, මුළු ජීවිත කාලෙම මතු පරම්පරාවේ නිල ඇඳුම උදුරගන්න වැඩපිළිවෙළක් යන්නේ. ඒකට විරෝධය පළකරන්නෙ නැත්නම් මොකක්ද අපි කරනදේ.දැනට අපි වැඩවර්ජනයක් කරන්නෙ නෑ.
ගාමිණි ලොකුගේමහතා -ඒක ඒ ගොල්ලො තීරණය කරන්න ඕන.ඒකට අපේ මතයක් ඕනනෑ.අපි ඒකට සහභාගි වෙලා නෑ.අපි 18 වෙනිදා විරෝධතාවක් කරනවා.
ප්‍ර-ඕනම කරුණක් සම්බන්ධව අදහස් පළකරන ඔබලාට මෙම කරුණ ගැනත් මතයක් තිබිය යුතුයි නේද?
ගාමිණි ලොකුගේමහතා-ඒක ඒගොල්ලන්ගෙන් අහන්න.අපෙන් අහන්නේ ඇයි?ඒක ගුරු සංගමයෙන් අහන්න.අපි කාගෙවත් සටනකට බාධාකරන්නෙත් නෑ, සහාය පළකරන්නෙත් නෑ. අපට තව කෙනෙකුගේ දෙයක් ගැන කියන්නබෑ.
ප්‍ර-ඒක හරියට යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්නේ?
ගාමිණි ලොකුගේමහතා-තමුන්නාන්සෙලාට ඕන උත්තය දෙන්න නෙමෙයි අපි මෙතනට ආවේ.අපි ආවේ අපේ වැඩපිළිවෙළ ගැන කියන්න.අපි කියපු විදියට වාර්තා කරන්න.අපේ මතය තමයි ප්‍රකාශ කළේ.
ඩබ්ලිව්.එච්.පියදාසමහතා -ආණ්ඩුවට ඕන වචන අපට පාවිච්චි කරන්න බෑ.
වාසුදේව නායක්කාරමහතා- අපට ඒක අසාධාරණයක් කියලා කියන්න බෑ.මේකේ දින නියම කරගැනීමයි ප්‍රශ්නයකට තියෙන්නේ.ඒ වර්ජනය වැදගත් පියවරක් ලෙස අපි සලකනවා.ඒක වැරදි දිනයකට වැටුණද, නැද්ද කියන එක වෙනම කාරණයක්.ඒක හදාගන්න පුළුවන්නම් එක්කො විභාග දෙපාර්තුමේන්තුව දිනය වෙනස්කරගන්න ඕන. එහෙම නැත්නම් ඒ කට්ටිය දිනය වෙනස්කරගන්නඕන.කවුරුත් කැමතියි කාටත් අපහසුවක් නොවෙන විදියට වැඩවර්ජන කරනවානම්.නමුත් එහෙම වැඩවර්ජන වෙන්නෙ නෑ.සාමාන්‍ය පෙළ දිනයට වැටීම අපහසුවක් තමයි.මේ දිනය වෙනස්කරගන්න දෙපැත්තම කතාකරගත්තොත් හොදයි.
ගාමිණි ලොකුගේමහතා-මැතිවරණයේ දිනයත් ඒ විදියට වෙනස්කළා.ඔයගොල්ලන්ට ඕන උත්තර අපට දෙන්න බෑ.ආණ්ඩුවට විභාගේ කල්දාන්න තීන්දුවක් ගන්න පුළුවන්.අපි දන්න මතය අනුව ඒකට උත්තර දුන්නා.වෘත්තිය සමිති සටනකදී ඒක විවේචනය කරන්න අපි යන්නෙ නෑ.දොස්තර මහත්වරු වැඩවර්ජනය කරද්දි රෝහලට එන රෝගින් කවුද කියලා බලන්නේ නෑ.ගුරු සංගමයත් කියලා තිබුණා මැතිවරණය කල්දැම්මා වගේ මේකත් කල්දාන්න කියලා.
ප්‍ර-වෘත්තීය සමිති පැත්තෙන් නෙමෙයි, ළමයින්ගේ පැත්තෙන් බලලා අපට උත්තරයක් දෙන්න. මේක හරිද? වැරදිද ?
ගාමිණි ලොකුගේ මහතා-අයවැයට විරුද්ධ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය අයවැය ලේඛනයට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්නේ.ආණ්ඩුවේ වෘත්තීය සමිති කරන මේ වැඩවර්ජන රැල්ලට ඒකාබද්ධ විපක්ෂය නෑ. ඒ අය අපට ආරාධනා කරලා නෑ.නමුත් වැඩකරන පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන එකගැන ඒඅයට අපි සුබ පතනවා.ඒ අයගේ සටන බාල්දුකරන්න අදහස් ප්‍රකශ කරන්න අපි සූදානම් නෑ.ඒ අය තීන්දුකරන්න ඕන පාසල් දරුවන්ට හානියක් වෙනවද නැද්ද කියලා.ඒකට අපිමතයක් ප්‍රකාශ කරලා අදහස් ප්‍රකාශ කරන්නෙ නෑ. අපට වැඩිය ගුරුසංගම් මේ ප්‍රශ්නෙදි සංවේදී වෙන්න ඕන.