"බැසිල්ගේ සුඛෝපභෝගී නිවස ඉදිකළ ඉදිකිරීම් සමාගමට ලක්ෂ 301 ක් ගෙවා නෑ..." යන ශීර්ෂයෙන් පසුගිය සිකුරාදා (ජූලි 03) අද පුවත්පතෙහි පළ වූ පුවත සම්බන්ධයෙන් අප වෙත කරුණු දක්වමින් බැසිල් රෝහණ රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ ශාන්ත හේරත් මහතා අප වෙත එන්තරවාසියක් එවමින් සඳහන් කර ඇත්තේ අදාළ පුවතේ පළ වූ ආකාරයේ ගොඩනැගිල්ලක් හෝ ඉඩම සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ හෝ ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකු ගේ අයිතිවාසිකමක් හෝ සම්බන්ධතාවයක් නොමැති බවයි.
එසේම එම පුවතේ අසත්‍යතාව තම සේවාලාභියා හොඳින් දන්නා බවද නීතිඥවරයා සඳහන් කර තිබේ.
( කර්තෘ සටහන - ආදල පුවත ඉදිකිරීම් සමාගමක් වන ඕලු ඇරේන්ජ්මන්ට්ස් සමාගම විසින් වරලත් ඉංජිනේරු ආයතනයක් වෙත යැවූ එන්තරවාසියක් පදනම් කරගෙන ඉදිරිපත් වූ එකක් බව දන්වමු. එය නීතිමය කටයුත්තක් බැවින් එන්තරවාසිය යොමු කළ සමාගම එහි සඳහන් ආකාරයට ඉදිරියේ දී ගන්නා නීතිමය පියවර පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ යහපත උදෙසා පාඨකයන්ට දැන්වීමට අපි බැඳී සිටිමු.)