සිවු අවුරුදු සමසෞඛ්‍ය සිසුන්ගේ උපාධි කාලසීමාව වසර තුන දක්වා අඩුකිරීමට පැහැදිලි හේතුසාධක මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත්, සිසුන්ට අදාළ අයුරින් විසඳුම් ලබාදෙමින් එය විසඳිය යුතු බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊයේ (03දා) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සමසෞඛ්‍ය උපාධි අපේක්ෂිත සිසුන් හමුවූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
තවද ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී සමසෞඛ්‍ය උපාධි ගැටලුව විසඳීමට අදාළ පාර්ශ්වයන් එකඟතාව පළකළ බව පවසමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වැරදි ප්‍රකාශ කර පාර්ලිමේන්තුව නොමග යැවූ බවත්, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
"එස්.බී. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය වැරදියි. එමගින් පාර්ලිමේන්තුව නොමග යවා තිබෙනවා. ඒ මොකද මෙහිදී සමසෞඛ්‍ය සිසුන්ට ආදාළ අයුරින් විසඳුම ලැබී නැහැ." යැයි විපක්ෂ නායකවරයා පැවැසිය