සදෙව්මිගේ මරණයත් සමග සමස්ත ජනතාව ඉල්ලා සිටි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ කැමැත්ත විමසීම කෙරෙහි ජනාධිපතිවරයා යොමුවීම පිළිබඳ ස්තුති වියයුතු බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන නියෝංජ්ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ‘අදට’ පැවසීය.
මේ සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය නම් තමා ඒ සඳහා මූලිකත්වය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
එසේම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබාගැනීම වෙනුවෙන් ඔවුන් පත්කර එවූ ජනතාව ලෙස තම නියෝජිතයන්ට බලකිරීම සඳහා එක්වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.