මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළ බෝගම්බර බන්ධනාගාරයේ තබා ඇති එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ පොතේ මේ වනවිට සියයට අනූනවයක් අදහස් දක්වා ඇත්තේ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කළ යුතු බවට බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තිස්ස ජයසිංහ මහතා පැවසීය.
මේ වනවිට බෝගම්බර බන්ධනාගාරය නැරඹීම සඳහා අතිවිශාල ජනතාවක් දිනපතා පැමිණෙන අතර, ඔවුන් වැඩි පිරිසක් එල්ලුම් ගස සම්බන්ධ මහජන පොතේ අදහස් දැක්වීමට වැඩි කැමැත්තක් දක්වන බවද ඒ මහතා පැවසීය.