එල්.ටී.ටී.ඊ. සංවිධානයට ගුවන් යානා නාශක මිසයිල ලබාදුන් බවට වැරදිකරු වූ කැනේඩියානු ජාතික ප්‍රදීපන් නඩරාජන්ට වසර දෙකක සිරදඬුවමක් පැනවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණය කටයුතු කර තිබේ.
මේ පිළිබඳ තොරතුරු වාර්තා කරන %බ්රැම්පට් ගාඩියන්^ පුවත් සේවය පැවසුවේ, ප්‍රදීපන් තම දඬුවම මාස 16 ක් දක්වා අඩු කරන ලෙසට නිව්යෝර්ක් අධිකරණයෙන් ඉල්ලා සිටියත්, අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බවයි.
37 හැවිරිදි ප්‍රදීපන් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය උපකරණ ලබාදුන් සුරේෂ් ශ්රීකානන්දරාජ නම් සැකකරුවෙක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටියි. චූදිතයන් දෙදෙනාම කැනඩාවෙන් පිටුවහල් කෙරුවෝ වෙති.