බන්ධනාගාර රැකවරණය යටතේ වවුනියාව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ඊයේ (20දා) රාත්රියේ පැනගොස් තිබෙන බව වවුනියාව පොලීසිය පවසයි.
සැකකරු වවුනියාව කුඩිඉරිප්පු ප්රදේශයේ පදිංචි ජෙයබාලන් ස්ටැන්ලි රමේෂ් නමැති28 හැවිරිදි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බව පැවසේ. සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගර ගත කර සිටියේ ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි . වවුනියාව රෝහලෙන් පැනගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හා යුද හමුදාව එක්ව මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබෙන බවද පොලීසිය පවසයි.