එල්ටීටීඊ සංවිධානය තවමත් ක්‍රියාත්මකයි - ඇමෙරිකාව යළි කොටි තහනම් කරයි
කොටි ත්රස්තවාදීන්ගේ අරමුදල් රැස්කිරීම් හා අන්තර්ජාතික ජාලය තවදුරටත් ක්‍රියාත්මක බව ඇමෙරිකාව පවසයි.
ඒ අනුව, එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබේ.
කොටි සංවිධානය උතුරු ඇමෙරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන සිය අරමුදල් ජාලය මෙහෙයවීම සඳහා යොදාගෙන ඇති බව වොෂිංටනය පෙන්වා දෙයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදී මර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
විවිධ පුණ්‍යායතන හා දෙමළ සංවිධාන යොදා ගනිමින් එකතු කරගන්නා අරමුදල් කොටි සංවිධානයට එකතු වන බවද එම වාර්තාවේ දැක්වෙයි.
මේ අනුව, ශ්‍රී ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ. විදෙස් ජාලය සක්‍රීය බවට කළ ප්‍රකාශය ඇමෙරිකාව අනුමත කර තිබේ.
කෙසේ වෙතත්, ත්‍රස්තවාදය යළි ඉස්මතුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රජය විසින් කොටි හිතවාදී ඩයස්පෝරාවට සම්බන්ධ ආයතන 16ක් සහ පුද්ගලයින් එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවලට අනුව ත්‍රස්තවාදී අනුග්රාහකයන් ලෙස පසුගියදා නම් කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
