ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීම සඳහා නියෝග ලබාදුන්නේ තමා යැයිහිටපු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බැවින් ඔහුට විරුද්ධව නැවත නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද(13දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව කීය.
සිල් රෙදි බෙදාදීම සම්බන්ධ නඩුව අවස්ථා 24 ක් විභාගකර තිබුණද, ඒ එකදු අවස්ථාවක හෝ මහින්ද රාජපක්ෂ මහතා උසාවියේදී මේ සම්බන්ධ ප්‍රකාශයක් නොකළ බවත්, දඬුවම් නියමකිරීමෙන් පසු මෙවැනි ප්‍රකාශ සිදුකර ඵලක් නොමැති බවත් සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම නඩු තීන්දු විචේචනය කරමින් උසාවියට අපහාස කිරීම
සම්බන්ධයෙන්ද අවශ්‍යනම් නඩු පැවරිය හැකි බවද අමාත්‍යවරයා කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා,
“එතුමට මේ ප්‍රකාශය කරන්න තිබුණේ කලින්. දැන් වීරයා වගේ කතාකරනවා. නඩු තීන්දුව දීලා ඒ මිනිස්සු හිරේ ගියාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. මේක වැරැද්දක්. වැරුද්ද දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් මේ වැරැද්ද කරලා තියෙන්නේ එයා. මේ නඩුව දවස් 24 ක් විභාග වුණා. ඒ දවස් 24 න් එක දවසක අධිකරණයට ඇවිත් මහින්ද මහත්තයට මේ කරුණු කියන්න තිබුණා. එහෙම කළේ නැහැ. දඬුවම් දෙනකම් ඉදලා වැලිකඩට ගිහින් එනගමන් කියන එක එයාගේ වීරත්වය.