එම්බ්‍රොයිඩර් මැෂින් යනුවෙන් ව්‍යාජ ලිපිලේඛන යොදාගනිමින් මෙරටට ආනයනය කරන ලද පාවිච්චි කරන කළ මෝටර් රථ 9 කට අයත් කොටස් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ.
ජපානයේ යොකොහාමා වරායෙන් මෙරටට ගෙන්වන ලද මෙම වාහන කොටස් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15 ක් පමණ වන බව රේගු නිලධාරීහු සඳහන් කරති.
ව්‍යාජ ලිපිලේඛ ඉදිරිපත් කරමින් තීරු බඳු නොගෙවා සිටීමට උත්සාහ කර ඇති අතර, අඩි 45 ක් දිගැති මෙම කන්ටේනරය ග්‍රෑන්පාස් කන්ටේනර් අංගනයෙන් සොයාගන්නා ලදී. සිද්ධියට සම්බන්ධ සැකකරුද අත්අඩංගුවට ගැනීමට රේගු පරීක්ෂණ අංශය සමත්වී තිබේ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
