එප්පාවල පොස්පේට් නිධිය මගින් දේශීය පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය. ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (16දා) එම අමාත්‍යාංශයේදී නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.
මෙම පොස්පේට්වල දියවීමේ හැකියාව වැඩිකිරීම සඳහා වන ක්‍රියාවලිය උදෙසා රු.මි. 9,000ක මුදලක් අවශ්‍ය වන අතර එම මුදල රජය මගින් යොදන්නේ නම් රජය මැදිහත්වීමෙන් රටට අවශ්‍ය සමස්ත පොස්පේට් පොහොර ප්‍රමාණය එප්පාවල පොස්පේට් නිධිය මගින් නිපදවිය හැකි බව නිලධාරීන් මෙහිදී පෙන්වාදී ඇත.
මේ සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍යවරයා විසින් විද්වත් කමිටුවක් පත්කරනු ලැබූ අතර පොහොර මිලදී ගැනීම සඳහා රු.මි. 35,000කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට ඇදීයන බවත් මිලියන 9,000ක් දේශීය පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යෙදවීම අසාධාරණ නොවන බවත් 2019 ජනවාරි, පෙබරවාරි මාස වනවිට පොස්පේට් නිධිය මගින් දේශීය පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම ඉලක්ක කරමින් වැඩකටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.