ලියාපදිංචි ඖෂධ සමාගම් හදිසි ඖෂධ ලබාගැනීමේ දී අයදුම් නොකරන තත්ත්වයක් මතුව ඇති බැවින්, එවැනි සමාගම්වලට ඖෂධ සැපයීමේ ටෙන්ඩර් ලබානොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට දැනුම් දී තිබේ. එවැනි සමාගම් අසාදු ලේඛණ ගත කිරීමට ද මෙහිදී තීරණය විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය එතනෝල් වෛද්‍ය සැපයුම් අංශයෙන් පමණක් ආනයනය කිරීමටද වෙනත් සෞඛ්‍ය ආයතනවලින් එතනෝල් ආනයනය කිරීමට කටයුතු කිරිම නිසා ගැටලු රැසක් මතුව ඇති බව ශ්‍රී ලංකා රේගු සහ ආනයන අපනයන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.
ඒ අනුව එතනෝල් වෛද්‍ය සැපයුම් අංශයෙන් පමණක් ආනයනය කර බෙදා හැරිමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට දැනුම් දී ඇත.
වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ආනයනය කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වු අවස්ථාවේ මේබව ප්‍රකාශවිය.