ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ඒජන්සියේ (NSA) හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වූ එඩ්වඩ් ස්නෝව්ඩන්ගේ නම නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ටයිම් වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි ඇමෙරිකානු රජයේ බුද්ධි තොරතුරු රැගත් ලිපිලේඛන රැසක් මාධ්‍ය වෙත ලබාදුන් ස්නෝව්ඩන් මෙසේ නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වී ඇත්තේ ඊයේ (29දා) දිනයේදීය.
ස්නෝව්ඩන්ගේ නම නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා කිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ දේශපාලඥයන් දෙදෙනෙකු කටයුතු කර ඇත. ලෝකය සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමට ස්නෝව්ඩන් කටයුතු කර ඇති බව පවසමින් ඔවුන් මෙම යෝජනාව සිදුකර තිබේ.
"එඩ්වඩ් ස්නෝව්ඩන්ගේ ක්‍රියාකලාපය නිසා රටවල් කිහිපයක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කෙටි කාලීන හානියක් ඇතිවූ බවට විවාදයක් නැහැ." යනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෝර්වේ සමාජවාදී වාමාංශික පක්ෂයේ හිටපු පරිසර හා අධ්‍යාපන අමාත්‍ය බාර්ඩ් වෙජර් සෝජෙල් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ස්නෝර් වැලන් විසිනි.
"ඒ කොහොම වුණත්, අපට පැහැදිලි වන්නේ, ස්නෝව්ඩන්ගේ ක්‍රියාකලාපයත් සමග අවදි වූ මහජන සංවාදය සහ විවිධ රාජ්‍යයන්ගේ ප්රතිපත්තිවල සිදුකළ වෙනස්කම්, වඩාත් ස්ථායී හා සාමකාමී ලෝක තත්ත්වයෙක් කෙරෙහි ඇතිකළ බලපෑම, ඔහුගේ දායකත්වයෙන් සිදුවූ බවයි."
සාමාන්‍යයෙන් නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනාකෙරෙනනම්වල රහස්‍යභාවයක් පැවතියත්, ත්‍යාගය වෙනුවෙන් වැඩි සුදුසුකම් සහිත යෝජිතයන්ගේ නම් මීට පෙරද කලින් පැවසුණු අවස්ථා තිබේ.
පසුගිය වසරේ, එනම් 2013 නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියනු ලැබුවේ ලෝක රසායනික අවිහරණ සංවිධානය (OPCW) යි.
මේ වසරේ සාම ත්‍යාගයට හිමිකම් කියන තැනැත්තා හෝ ආයතනය එළැඹෙන ඔක්තෝබර් මස 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.