අයහපත් කාලගුණය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය කල්දැමීමට සිදුවූ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය.
අද (08දා) ඇය මේ බව ප්‍රකාශ කළ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මේ මාසයේම අවසානයේදී රත්නපුරයේම උත්සවය පැවැත්වෙන බවත් ඇය පැවැසුවාය.
“එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය උත්කර්ෂවත් විදියට රත්නපුරයේදී සැප්තැම්බර් 10 වෙනිදා පවත්වන්න සියලූ කටයුතු සූදානම් කරලා තිබුණා. නමුත් අපි බලාපොරොත්තු නොවන විදියට කාලගුණය වෙනසක් සිදු වුනු නිසා පුංචි කල් දැමීමක් සිදු කළා. අපේ පක්ෂයේ නායකතුමා බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන් දිනය වන විට රත්නපුරයේදී එය පවත්වන්න.” යැයි ඇය සඳහන් කළාය.