එක්සත් ජාතික පක්ෂ ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් අලුත් රටක් තුළ ලංකා සිතියමේ උතුරු නැගෙනහිර මැකී ගොස් මේ රට පුංචි රටක් බවට පත්කිරීමට සැලසුම් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
'අනාගත අගමැති මහින්ද රාජපක්ෂ සමග එළඹෙන ජාතික සම්මුතිය' නම් පස්වැදෑරුම් ජාතික ප්රතිපත්තියට අත්සන් කිරීම සහ මහා සංඝරත්නය පැවැත්වූ ආශිර්වාද පූජාවට සහභාගී වෙමින් ඊයේ (03දා) මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, රණවිරුවන් ඇතුළු සියලු දෙනා එක්ව දිනාගත් නිදහස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය බෙදුම්වාදීන්ට යළිත් පූජා කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
2005 වසරේදී තමා රට භාරගත් අවස්ථාවේ උතුරු ප්ර‘දේශයේ මුහුදෙන් තුනෙන් දෙකක් සහ උතුරු නැගෙනහිර පළාත් දෙකම රටට අහිමි වී තිබූ බවද ඔහු පවසා සිටියේය.
එවන් රටක් එක්සේසත් කිරීමට තමාට හැකි වූ බවත්, ඒ සඳහා රණවිරුවන් ඇතුළු රටට ආදරය කළ පිරිස් දැඩි කැපවීමෙන් කටයුතු කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එලෙස දිනාගත් රට යළිත් වතාවක් බෙදුම්වාදීන්ට පූජා කිරීමට ප්රතිපත්ති ප්රකාශ මගින් පොරොන්දු ලබා දී තිබෙන බවත්, එවන් තත්ත්වයක් උදාවුවහොත් මෙරට එක්සේසත් කිරීමට නොහැකි වන බවත් හෙතෙම පවසා සිටියේය.
එවන් තත්ත්වයක් උදාවුවහොත් ශ්රී ලංකා සිතියමෙන් උතුරු නැගෙනහිර ඉවත් වී රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරන අලුත් රටක් ඇති වන බවද හෙතෙම සඳහන් කළේය.