ජනතාව මත බදු බර යොදා ජනතා සහන කප්පාදු කර ජනතාව පීඩාවටපත් කරමින් සිටින එක්සත් ජාතික පක්ෂය %කැප කරමු^ යනුවෙන් සඳහන් කර මැයි දිනය සැමරීමට සැලසුම් කර තිබෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජනතාව මේ වනවිට හොඳටම කැපකිරීම් කර තිබෙන බවත්, මේ නිසා මුලින්ම එක්සත් ජාතික පක්ෂය කැප කිරීම කර පෙන්විය යුතු බවද එම සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට වාසි ගෙනදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම කිරුලපනදී මැයි දින රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා එම රැලියද කොළ කොඩිවලින් සරසාගෙන පැවැත්වූවානම් ඉතාමත් හොඳ බවත් ඔහු පවසා සිටියේය.
මෙරට පාලනය කළ සහ පාලනය කරමින් සිටින කණ්ඩායම වැඩකරන ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති නිසා ඔවුන්ට මැයි දින සැමරුම් පැවැත්විය නොහැකි බවද කේ.ඩී.ලාල්කාන්ත මහතා කියා සිටියේය.