එක්සත් ජාතික පක්ෂය විස්සයි විස්සේ දී බලය ලබාගැනීමට නම් වර්තමාන නායකත්වය වහා ඉවත් වී තරුණ නව නායකත්වයකට පක්ෂය භාර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ඊයේ (17දා)දින දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියහ.
දිස්ත්‍රික්ක 25 ක නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවෙදන බලකායේ ක්‍රියාකාරීන් එක්ව මෙම එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ආරම්භ කොට තිබේ. එහි වීසිපස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මාධ්‍ය හමුව සඳහා පැමිණ සිටියහ.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ලෙස අලුතින් පිහිටුවා ගත් සංවිධානයේ මහලේකම් ධූරය දරන හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එස්. ආර්. එම්. වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට වසර විසිපහක කාලයක් ගත වී ඇතත් එක්සත් ජාතික පක්ෂ බලය පිහිටුවා ගැනීමට නොහැකි වූ බව ය.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ බහුතරය පිළිගත් තරුණ නායකත්වයකට පක්ෂයේ නායකත්වය භාර දී වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය තබාගෙන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බව ය.
මෙම සංවිධානය වටා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රැසක් එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය. දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පලක් නොමැති බවත් මහලේකම් ධූරය තිස්ස අත්තනායක මහතාට ලබා දිය යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතාට එය ලබා නොදිය යුතු බවද ලේකම්වරයා සඳහන් කළේ ය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පක්ෂය සමග එක් වූයේ ජනාධිපති අපේක්ෂකයෙකු විදිහට නොවඅගමැති අපේක්ෂකත්වය බලාගෙන බවත් හෙතෙම විශේෂ ප්‍රකාශයක් කළේය.
රටේ ජනමතය උරගා බැලීමට නම් එක්සත් ජාතික පක්ෂ නායකයා ජංගම දුරකථනයක් විවෘත කොට මතය විමසන ලෙස ද ඉල්ලීමක් කළේ .එවිට කෙටි පණිවිඩ වලින් සහ දුරකථන ඇමතුම්වලින් නව නායකත්වය කවුදැයි යන්න පක්ෂ නායක වරයාට දැකගැනීමට හැකි බවද හෙතෙම සඳහන් කෙළේය.
මෙහිදී මාධ්‍යවේදියකු විමසීමක් කළේ හම්බන්තොටින් නැවතත් නායකත්වයක් බිහි වන්නේද යන්නය. එහිදී එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා සහ ලේකම්වරයා ද කියා සිටියේ සමහර විට එය විය හැකි බවය.
එහිදී මාධ්‍යවේදීන් සහ ඔවුන් අතර ඇති වූ සංවිධානයේ සාකච්ඡාවේදී නව නායකත්වය සුදු ඇඳුම් අඳින කෙනෙකු විය හැකි බවද ඉඟි පළ කළේය.
එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මෙරට පැරණිතම සහ විශාලතම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ බවත් මෙරට සියලුම ජාතීන් එක් කළ එකම පක්ෂය ද එක්සත් ජාතික පක්ෂයේ බව සඳහන් කළේය. එම පක්ෂය ආරක්ෂා කිරීමේ වගකීම තම සංවිධානය විසින් සිදු කරන බව සඳහන් කළේය.
වහාම එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවත් එතුමා හට ඉදිරියේදී ගෙන එන දෝෂාභියෝග දහසක් ආවත් ආරක්ෂා කරන බවත් නායකත්වයෙන් වහාම ඉවත් විය යුතු බවද සඳහන් කළේය. වර්තමාන නායකත්වය මෙම හඬට සවන් නොදෙන්නේ නම් වෙනම ගමනක් යනවාද යන්න තීන්දු කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
එමෙන්ම නව නායකත්වය කවුරුන්ද යන්න අප ඔහුගෙන් පුන පුනා විමසන්නට වුනෙමු. එහිදී නායකත්වයට එන පුද්ගලයා පිළිබඳව හෙළිකිරීමට නොහැකි බවත් ම එම නායකත්වය රටම දන්නා බවද සඳහන් කළේය. අවස්ථා කිහිපයකම කරුණු විමසන්නට මාධ්‍යයෙන් උත්සාහ කළ ද නව තරුණ නායකත්වය පිළිබඳව ප්‍රකාශ නොකරන බව ඔවුන් ඉඟි පළ කිරීමද විශේෂත්වයකි. එමෙන්ම මාධ්‍යවේදීන් මෙහිදී සභාපතිවරයාගෙන් විමසා සිටියේ කරූ ජයසූරිය කථානායක වරයා පක්ෂ නායකත්වය බාර ගන්නවාද යන්නය . ඊට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ අගමැති ධූරය භාරගත් බාර ගත් නොගත් කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වය බාර නොගන්නා බවය. මාධ්‍යවේදීන් පවා නායකත්වය කවුරුන්ද යන්න දන්නා බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අවස්ථාවට දීවයිනේ දිස්ත්‍රික්ක 25 ක එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් එක්ව සිටියහ.