2020 ජනාධිපතිවරණ නව අපේක්ෂකයෙකු ගැන සාකච්ඡාවකටත් එකඟතාව
අගමැතිගෙන් එජාප මන්ත්රී කණ්ඩායමට ප්රකාශයක්
එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ ප්රතිසංස්කරණයක් සිදුකරන බවට එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු කණ්ඩායමට විශේෂ ප්රකාශයක් කරමින් ඊයේ (02දා) දැනුම්දී තිබේ.
ඒ සම්බන්ධයෙන් කිසිදු මන්ත්රීවරයෙකුට ප්රශ්නයක් ඇත්නම් විමසන ලෙසටද අගමැතිවරයා අවස්ථාව දී ඇති අතර, එහිදී කිසිදු මන්ත්රීවරයෙකු අගමැතිවරයාගෙන් ප්රශ්නකර නොමැති බවද වාර්තාවේ.
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහමන්දිරයේදී ඊයේ (02දා) එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ඇති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.
2020 ජනාධිපතිවරණයේදී නව අපේක්ෂකයෙකු පිළිබඳ සාකච්ඡා කිරීමට තමා එකඟ බවත්, පාක්ෂිකයන් බලාපොරොත්තු වන පූර්ණ ප්රතිසංවිධානයක් සිදුකිරීමට කටයුතු කරන බවත් අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙහිදී එක්සත් ජාතික පෙරමුණට දැනුම්දී ඇත.
මෙම හමුව පැයක පමණ කාලයක් පැවැති ඇති අතර, අගමැතිවරයාගේ ප්රකාශය සම්බන්ධයෙන් මන්ත්රීවරුන් සතුටින් සිය අදහස් දක්වමින් අරලියගහමන්දිරයෙන් පිටවගිය බවද එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් කිහිපදෙනෙක් %අද^ පුවත්පතට ප්රකාශ කළහ.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධානය පිළිබඳ 07 සහ 08 දිනවලදී තීරණය කරන බවද දැනුම්දී තිබේ.
එමෙන්ම හෙට(04දා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංගය පිළිබඳ විවාදයේ අදහස් දැක්වීමට කැමති මන්ත්රීවරුන්ට සිය නම් ලබාදෙන ලෙසද මෙම හමුවේදී දැනුම්දී ඇත.