ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීමට පක්ෂවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අවසන් වූ විගස මෙකී හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමග මැතිවරණ ක්රමයද වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර, එක්සත් ජාතික පක්ෂය මේ දෙක වෙනම සිදුවිය යුතු බවට ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
එසේම එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්රමයේ පූර්ණ වෙනසක් සඳහා කටයුතු කරන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි බලතල සීමා කිරීමට පමණක් උනන්දු වේ. කෙසේ නමුදු මෙකී පක්ෂ 2 අතර එකඟතාවක් ඇති කිරීමට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.