කොම්පඤ්ඤවීදිය වරාය ආරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගීවූ එක්සත් ජාතික මන්ත්‍රී කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල විය.
මෙහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුද තුවාල ලැබීය. ගල් ප්‍රහාර හේතුවෙන් වාහනයකටද හානි සිදුව තිබේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, රවී කරුණානායක, ආර්. යෝගරාජන්, නලින් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරු මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
වරායේ සේවකයන් හා වරායේ සම්පත් යොදාගනිමින් ඉදිරි ජනපතිවරණයට අවශ්‍ය ආණ්ඩුවේ ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා පෝස්ටර්, බැනර්, ටී වී ස්ක්‍රීන් පුහුණු පාසලේ සකස්කරමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් නිරීක්ෂණය කිරීමට මන්ත්‍රීවරු එම පුහුණු පාසලට ගොස් සිටියහ.