රත්නපුර, ඇහැළියගොඩ පෞද්ගලික හෝටලයක පැවැති සන්ධානයේ රැස්වීමකට එ.ජා.ප. සබරගමුව පළාත් සභා මන්ත්රී සිරිපාල කිරිඇල්ල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පැමිණීමෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායම් දෙක අතර ගැටුමක් ඇතිව තිබෙන බව කැෆේ සංවිධානය කියයි.
මෙහිදී සිරිපාල කිරිඇල්ල මහතා ගිනිඅවි සහිතව පැමිණ තිබෙන බව කැෆේ සංවිධානය කියයි. සිදුවීමෙන් සිරිපාල කිරිඇල්ල මන්ත්රීවරයාටද තුවාල සිදුව තිබේ.
එසේම එ.ජා.ප. කණ්ඩායමේ පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් සිවු දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කොට ඇතැයිද කැෆේ සංවිධානය පවසයි.