එජාප නායකත්වයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට එජාප මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාර කර සිටියි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (26දා) දිනයේ පුත්තලම ප්‍රෙද්ශයේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි.
එහිදී රංගෙ බණ්ඩාර මහතා, "එජාපය ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න නම් අපි මෙම පක්ෂය තුළ පූර්ණ වෙනසක් සිදු කළ යුතුයි. පළමුවෙන්ම නායකත්වය. එය සිදුනොකර කුමන කැබනට් සංශෝධනයක් කරත්, කුමන පරපුරක් හැදුවත් වැඩක් වෙන්නෙ නෑ.
තමන්ට පරපුරක් හදන්න බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්න බැහැ. ඒවා සිහින කතා. බොරු කතා. එනිසා පාක්ෂිකයාගේ හඬට සවන් දෙන්න. මෙය ආනමඩුවේ හෝ පුත්තලමේ හඬ පමණක් නොවෙයි. සමස්ථ රටේම හඬ මේකයි.
ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා ඔබේ හඬ අවධි කරන්නට. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමති තුමාලට මම කියනවා ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ ගැන පමණක් හිතලා කටයුතු කරන්න එපා. මේ දැවැන්ත පක්ෂය ගැන හිතන්න. මේ පක්ෂය ගොඩ නැගූ නායකයන් ගැන හිතන්න. මේ රට සංවර්ධනය කරපු තත්ත්වය පිළිබඳව හිතන්න. මේක දිගින් දිගටම පුහු පක්ෂයක් කරන්න ඉඩ දෙන්න එපා.
මෙයට පස්ස ගහන ආත්මාර්ථකාමී බල ලෝභී නායකයින් ප්‍රතික්ෂේප කරන්න. පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්න.මේ විදියටවත් පක්ෂයට යහපතක් කරන්න බැරි වුනොත් අපට අනුකම්පා විරහිතව විශ්වාසභංගයක් ක්‍රියාත්මක කරන්නට හෙට අනිද්දාම සිද්ධ වෙනවා. ඒ විශ්වාස භංගය රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක කරන්නට වෙන්නේ. ඒ කටයුත්තට මූලිකත්වය ගන්නට එජාපයේ මන්ත්‍රීවරුන් ගණනාවක් සූදානමින් ඉන්නවා කියන එකත් සිහිපත් කරන්නට කැමතියි." යනුවෙන් පැවසීය.