එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඉවත්කර ඒ වෙනුවට පක්ෂයේ ක්‍රියාශීලී පුද්ගලයන් 04 දෙනෙකු මන්ත්‍රීවරුන් ලෙස පත්කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයෙන් ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.
පක්ෂයේ ක්‍රියාශීලී, තරුණ,දක්ෂ, නිර්මාණශීලී සමාජිකයන් 04 දෙනෙකු සඳහා එම අවස්ථාව ලබාදෙන ලෙස මෙහිදී යෝජනාකර ඇත.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇති අතර පක්ෂයේ කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ආරම්භකර ඇති බවද වාර්තාවේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගතයුතුය.