විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට එල්ලවන ප්‍රහාර හේතුවෙන් මේ වන විට මොනරාගල එජාප අපේක්ෂකයින් දැඩි පීඩාවට පත්වී සිටින බව කැෆේ සංවිධානය කියයි.
එසේම ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට ගෙන එල්ල වූ ප්රහාරයන්ගෙන් පසුව ජවිපෙ ජාතික නායකයින් බඩල්කුඹුර ඇතුඵ ප්‍රදේශ වෙත පැමිණ තිබුණත්, එක්සත් ජතික පක්ෂයේ නායකයන් එසේ පැමිණ නැති බවට එජාප අපේක්ෂකයෝ පැවැසූ බව කැෆේ සංචිධානය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති රාජ්‍ය උත්සව ගණනාවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් නීති විරෝධී අන්දමින් සහභාගිවී සිටින බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
මේ අතර මැතිවරණයේ මේ දක්වා කැෆේ සංවිධානයට පැමිණිලි 224ක් ලැබී තිබෙන බවත්, එයින් පැමිණිලි 166 ක් මොරණරාගල දිස්ත්‍රික්කයෙන් ද, පැමිණිලි 46 ක් බදුල්ලෙන් ද, දිස්ත්‍රික්ක දෙකටම පොදු පැමිණිලි 12 ක් ද ලැබී තිබෙන බව ඔවුහු පවසති.