එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා මාවනැල්ලේදී ඊයේ (27දා) පස්වරුවේ පැවසීය.
“විජයදාස රාජපක්ෂ මහතා නොව එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දරන ඕනෑම කෙනෙක් පක්ෂයේ නීතිරීතිවලට යටත් විය යුතු වෙනවා. එසේම ව්‍යවස්ථාවට යටත් විය යුතුයි. නැතිනම් ඒ අය වෙනුවෙන් පක්ෂය තීන්දු තිරණ ගන්නවා.
අද කතා කරන්න නිදහස තියෙනවා හැම කෙනෙකුටම නමුත් ඒක දඩමීමා කරගෙන ආණ්ඩුව එක්ක හැප්පෙන්න එන්න එපා කියලා මං කියනවා. සාධාරණ යෝජනා තියෙනවා නම් සිදුකරන්න. සාධාරණ චෝදනාවලට නීති රාමුව සකස් කරලා තිබෙනවා. තමන්ට පුළුවන් පැමිණිලි කරලා නීතිය කි‍්‍රයාත්මක කරන්න. එකට ඉඩදීලා තිබෙනවා. මෙ රටේ අපි ඒකට ගරුකරනවා.
සංශෝධිත විගණන පනත ඇයි පරක්කු කරන්නේ කියලා සමහරු අහනවා. නමුත් අපි එක පරක්කු කිරීමක් නොවෙයි කරන්නේ තවත් සංශෝධන කිහිපයක් තියෙනවා එය නිවැරදි කරලා ඉදිරිපත් කිරිමට නියමිතව” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
මාවනැල්ල - හෙම්මාතගම විජය බණ්ඩාර