එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා 2016 ඔක්තෝබර් 24 වැනි දිනට 71 වසරක් සපිරෙයි. එමෙන්ම මෙදිනට, 'අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානය' (Our UN) පාඨය යටතේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කළ '70/60 ව්‍යාපාරය' අරඹා වසරක් ගත වෙයි.
මේ වසරේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල සියලුම ජාත්‍යන්තර සහ දේශීය කාර්ය මණ්ඩලය එක්ව එක්සත් ජාතීන්ගේ දිනය පවත්වන්නේ 'එක් එක්සත් ජාතීන්ගේ සංවිධානයක්' (One UN) යනුවෙන් තේමා වූ උත්සවයක් වශයෙන් බවද පවසයි.
එහිදී, මෙවර එක්සත් ජාතීන්ගේ දිනය තම කාර්ය මණ්ඩලය මූලික කරගනිමින් පවත්වන බවත්, '70/60 ව්‍යාපාරය' යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව දියත්කළ ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් මෙදින දියත් කිරීමට කටයුතු කරන බවත් පවසයි.
එහිදී, තිරසාර සංවර්ධන අරමුණු (SDGS) ක්‍රියාත්මක කරන ලද පළමු වසර 2016 වන හෙයින් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දින උථ්සවයේදී තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංකීර්ණයේදී තිරසාර සංවර්ධන අරමුණුවල දේශීය සන්නාමය එළිදක්වනු ඇති බවද කියයි.
මෙවර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවයට ශ්‍රී ලංකවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මියත්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාත් සහභාගී වීමට නියමිතය.