ඔක්තෝබර් රුක් රෝපණ මාසයේදී රටේ සියලු දෙනාගෙන්ම එක් පැළයක් සිටුවන ලෙස ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ත්‍රිකුණාමලයේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මම පාසල් දරුවන් ඇතුළු මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ මාසයේ එක් පැළයක් හෝ සිටුවන ලෙස. මේ රටේ සෑම කෙනෙක්ම මේ මාසය තුළ එක් පැළයක් සිටෙව්වොත් පැළ කෝටි දෙකක් සිටවෙනවා. පැළයක් සිටුවනවා කියන කාර්යය ඔබට පහසුවෙන් කළ හැකියි.” යැයි ජනපතිවරයා පැවැසීය.
එසේම එළැඹෙන සඳුදා එනම් 24 දා සිට පරිසර සතියක් ක්‍රියාවට නංවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
“ලබන 24 වෙනි සඳුදා සිට පරිසර සතියක් ක්‍රියාත්මක වෙනවා. ලබන 24 වෙනිදා සිට ආරම්භ වන සතිය පොලිතීන්, ප්ලාස්ටික් හා තක්ෂණික උපකරණවලට භාවිත කරන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කළමනාකරණය කිරීමේ පරිසර සතියක්” යනුවෙන්ද ජනපතිවරයා සඳහන් කළේය.