පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් එකම හැඳුනුම්පත් අංකයට හැඳුනුම්පත් දෙකක් නිකුත් කිරීම හේතුවෙන් නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවක් මහා බැංකුවේ ණය තොරතුරු ඒකකය මගින් අසාදු ලේඛන ගතකිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබේ.
නොච්චියාගම, රනෝරාව තරුණියකට 2006 වසරේ මැයි මස 26 වැනිදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් අංක 877033473v යටතේ හැඳුනුම්පත නිකුත්කර තිබේ.
ඇය වසර දහයකට ආසන්න කාලයක් මෙම හැඳුනුම්පත විවිධ අවශ්‍යතා සඳහා භාවිතකර ඇති අතර, මීට දින කිහිපයකට ඉහතදී මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාගැනීමට අයඳුම්කර තිබේ. මීට පෙර ලබාගත් ණයක් නොගෙවීම නිසා මහා බැංකුවේ ණය තොරතුරු කාර්යංශය මගින් ඇයව අසාදු ලේඛනයට දමා තිබෙන බව අදාළ මූල්‍ය ආයතනයේ නිලධාරීන් පවසා තිබේ.
එහෙත් තමන් කිසිදු අවස්ථාවක මූල්‍ය ආයතනයකින් ණය ලබා නොගත් බව පවසා ඇති අතර, පසුව ඇයට දැන ගැනීමට හැකිව ඇත්තේ ඇයට නිකුත්කළ හැඳුනුම්පත් අංකයටම තවත් කාන්තාවකට හැඳුනුම්පතක් නිතුක් කර ඇති බවයි.
ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවෙන් ඇයට නිකුත්කළ අංක 877033473v යටතේ හල්තොට, බද්දේගම පදිංචි තරුණියකටත් හැඳුනුම්පතක් ලැබී තිබේ. මෙම තරුණියන් දෙදෙනාම 1987 වර්ෂයේ ජූලි මස 21 වැනිදා උපත ලබා තිබේ.