මානුෂීය මෙහෙයුමේදී මියගිය කොටි සාමාජිකයන් සැමරීමේ උත්සව එංගලන්තයේදී හා ජර්මනියේදී පැවැත්වීමට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කර තිබේ.
එංගලන්තයේ පවත්වා ඇති කොටි සැමරුම ලන්ඩන් නුවරදීත් ජර්මනියේ කොටි සැමරුම වෙස්ට්පාලියාහිදීත් පවත්වා තිබේ.
මෙම අවස්ථා දෙකේදීම ඊළාම් කොඩි රැගෙන විරෝධතාවේ යෙදීමටත්, විවිධ නාට්‍ය අංග ඉදිරිපත් කිරීමටත් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කර තිබේ.
ඡායාරූපය ටැමිල් ගාඩියන් ඇසුරෙනි