ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්, සුළු ආගමික කොට්ඨාසයන්ට සිදුකරන පහරදීම් මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳව එංගලන්තය අවධානයෙන් සිටින බව එංගලන්ත මන්ත්‍රීවරයක වන සයේදා වර්සි සඳහන් කරයි.
එරට මන්ත්‍රීවරයකු වන පෝල් ටේලර් විසින් අසනලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වර්සි මන්ත්‍රීවරිය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාවලිය අනුව එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වා ඇති ඇය සඳහන් කර ඇත.