එජාප මන්ත්‍රී කණ්ඩායමට තෙල් පිරිපහදුව බැලීමට ඉඩ නොදෙයි
රාජ්‍ය ආයතන පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකරන ගවේෂණ චාරිකා වැඩසටහන යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිළිබඳව සොයා බැලීමට ඊයේ (17දා) මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ගියත් තෙල් පිරිපහදුවේ සේවකයන් යැයි කියාගන්නා පිරිසක් මන්ත්‍රීවරුන් කණ්ඩායමට පිරිපහදු පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබාදී නොමැත.
තෙල් පිරිපහදුව ආශ්‍රිතව කළු කොඩි ඔසවමින් තෙල් පිරිපහදු භූමියේ සිට මෙම විරෝධතාව සිදුකර මන්ත්‍රීවරුන්ට අදාළ ස්ථානයට යාමට නොදී බාධාකිරීම් සිදුකරනු ලැබුවේ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍ර‘දේශයේ පොලිස් ස්ථානවල නිධාරීන් බලා සිටියදීය.
350 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සහ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පිරිපහදුවේ ගේට්ටුව ආසන්නයේ සිට ඒ දෙස බලා සිටින ආකාරයක් දක්නට ලැබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

