ඌව පළාත තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කියන තරමට නැතිවුවද, පොදුවේ දකුණ, බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී සිදු වූ මැතිවරණ නීති රැකීමට වඩා ඌව පළාත තුළ එය පහළ මට්ටමක පවතින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම මත මොනරාගල දිස්ත්රික්කයේ මැතිවරණය කල් දැමීමට කටයුතු කරන බව සඳහන් කළද පළාත් සභා මැතිවරණයකදී එක් දිස්ත්රික්කයක පමණක් මැතිවරණය කල් දැමිය නොහැකි බවත්, එහෙත් පළාත් සභාවේම මැතිවරණය කල් දැමිය හැකි බවත් ඔහු පවසා සිටියේය.