ඌව පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (04 දා) සහ අනිද්දා (05 දා) දෙදින තුළ පැවැත්වේ.
ඌව පළාතේ රාජ්‍ය සේවකයන් 30,742 දෙනෙක් තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර, එම පිරිසෙන් 19,981 ක් බදුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද දායකයෝ වෙති.
මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 10,761 කි. හෙට සහ අනිද්දා ඡන්දය භාවිත කිරීමට නොහැකිවන අයට 11 වැනිදා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබේ.