ඌව පළාත් සභාවේ බදුල්ලට හිමි ආසන සංඛ්‍යාව 3 ක් අඩු කර එම ප්‍රමාණය මොණරාගල දිස්ත්‍රික්කයට ලබාදීමට මැතිවරණ දෙපාර්තමේන්තුව ගත් තීන්දුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බව වාර්තාවෙයි.
මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා 'අද'ට පැවසීය.
කෙසේ නමුත් මැතිවරණයට නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය පළ කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධව කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.