ඌව පළාත් සභා මැතිවරණයට අදාළව අද (04දා) සහ හෙට (05දා) දිනයේදී පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීමේ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළහොත් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුවන ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත්, මීට අමතරව ප්‍ර‘දේශයේ ආරක්ෂාවට පැය 245 පුරාම ජංගම මුර සංචාර සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මීට අමතරව යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා කැරලි මර්දන ඒකක සූදානම් කර තිබෙන බවද, අවශ්‍ය වුවහොත් අතිරේක පොලිස් බලඇණි යෙදවීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.