ජල හිඟයක් නිසා තාවකාලිකව වසාදැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යලයේ පීඨ හෙට (26දා)සිට ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ගාමිණී චන්ද්‍රසේන මහතා පැවසීය.
දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් නේවාසිකව සිටින විශ්වවිද්‍යාලය අවට නිවාසවල නියඟය සමග ඇති වූ උග්‍ර ජලහිඟයක් නිසා එම සිසුන්ට නිවාඩු ලබාදී තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
බදුල්ලේ පාලිත ආරියවංශ සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්