ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්රීවරුන් සහ විපක්ෂනායකවරයා දිවුරුම් දීම අද (07දා) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම දිවුරුම් දීම සිදුවන අතර, මේ අනුව මනාප
173,933 ක් ලබාගත් හරින් ප්රනාන්දු මහතා ඌව පළාත් සභා විපක්ෂ නායකවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
මීට අමතරව මොනරාගල දිස්ත්රික්කයෙන් තේරීපත් වූ මන්ත්රීවරුන් 05 දෙනා සහ බදුල්ල දිස්ත්රික්කයෙන් තේරීපත් වූ මන්ත්රීවරුන් 08 දෙනාද රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.