වත්මන් ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී හා හිටපු අමාත්‍ය අධිනීතීඥ කිත්සිරි සෙනරත් අත්තනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (29දා) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 51 වන වියේ පසුවිය.
1999 වර්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරී පත්වූ ඔහු මේ දක්වාම ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.
1999 වර්ෂයේ ඌව පළාත් කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති මොහු ඉන්පසු 2004, 2009 හා 2014 යන වසරවලදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස මිය යන තුරුම කටයුතු කරමින් සිට ඇත.
ලුණුගල - ප්‍රසන්න පත්මසිරි