(UPDATE)මොනරාගල දිස්ත්රික්කයේ සැරිසරන අවිගත් පිරිස් විසින් මේ වනවිට විපක්ෂයේ මැතිවරණ ප්රචාරක කාර්යාල 30 ක් විනාශ කර දමා තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
ගෙවීගිය පැය 24 ක කාලය තුළ පමණක් මෙසේ මැතිවරණ කාර්යාල 18 ක් විනාශ කර දමා තිබෙන අතර, ඒ යටතේ එක්සත් ජාතින පක්ෂ කාර්යාල 13කුත්, ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 04කුත්, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කාර්යාලයකුත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.
මීට අමතරව මැතිවරණයේ ප්රචාරක කටයුතු ආරම්භ වූ දා සිට මෙතෙක් සිදුකළ විනාශ කිරීම් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 14කුත්, එක්සත් ජාතික පක්ෂයේ කාර්යාල 14කුත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා බාර දුන් දා සිට මෙතෙක් සිදුවී ඇති මැතිවරණ ප්රචණ්ඩ ක්රියා දෙස බැලීමේදී පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී සිදුවූ ප්රචණ්ඩ ක්රියාවලට සාපේක්ෂව ඌව පළාත තුළ ප්රචණ්ඩ ක්රියා ඉහළයාමක් පෙන්නුම් කරන බවත්, මැතිවරණය ආරම්භයේදීම මෙවැනි සිදුවීම් සිදුවීම මැතිවරණයේ අවසාන ප්රතිඵලයට දැඩිව බලපාන නිසා වහාම මේ සඳහා වගකිවයුත්තන් මැදිහත්විය යුතු බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.