ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්රසාද ආසන දෙකක් සමග මන්ත්රී ආසන 19 ක් හිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂයට මන්ත්රී ආසන 13 කුත්, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්රී ආසන දෙකකුත් වශයෙන් මන්ත්රී ධුර 34 බෙදීගොස් ඇත. අනෙකුත් කිසිදු පක්ෂයට මන්ත්රී ආසනයක් හිමිකර ගැනීමට නොහැකි විය.